ගිවිසුම

1. වාදය මුඛ වචනයෙන් කෙරිය යුතුය.   

2. දෙපාර්ශවයෙන්  දෙන්නෙක් විසින්  ඒ  කතාවල  භාවය  ලියාගත  යුතුය.   ඒ  ලියන ලද කථා,  කතාකාරයන්ගේ අත්සන් තිබීමෙන් සහතික කලයුතුය.

3.  ඒ ඒ  පාර්ශවය ගෙන හැර දක්වන්නාවූ   කාරනා අසවල් පොත්වලින්‍යයි නම් සඳහන් කර කිය යුතුය

4. එක  පාර්ශවයකට තමන්ගේ කථාව පිණිස එක වරකට ඉංගිරිසි පැයක් ගත හැකිය

5. පළමුවෙනි පැය ක්‍රිස්තියානි පක්ෂය විසින් “බුද්ධාගමේ  අසත්‍යකම”  පෙන්වාදීම  පිණිස කථා කිරීමය.  දෙවෙනි පැය ක්‍රිස්තියානි පක්ෂය විසින්  “බුද්ධාගමේ අසත්‍යකම” පෙන්වාදීම  පිණිස කල කථා වට  බුද්ධ පක්ෂය විසින් උත්තරදීම සහ “ක්‍රිස්තියානි ආගමේ අසත්‍යකම” පෙන්වාදීම පිණිස කථා කිරීම සඳහාය.

6.කථාව ලබන මස (අගෝස්තු) 26 වෙනි සහ 28 වෙනි දවස් දෙකට නියම කරගෙන කෙරිය යුතුය.

7.කථා කිරීම උදය 8-10 දක්වාද ඒ දවසේම පස්වරු 3-5 දක්වාද කෙරිය යුතුය.

8. වාදය කරන අතර කිසි කාලගෝට්ටියක් කිසි කැරලි කොලහාලයක් නොවන හැටියට දෙපාර්ශවය විසින් බලා ගත යුතුය.

9. වාදය කරන අතර කථා කරන තැනැත්තා හැර අන් සියල්ලන් විසින් නිශ්ශබ්දව අසාගෙන සිටිය යුතුය. එසේ කරවීමට මෙහි අත්සන් කරන තැනැත්තන්ට සම්පුර්ණ බලය ඇතුව තිබිය යුතුය.

10. මේ වාදය පානදුරේ පට්ටියේ තිබෙන දොඹගහවත්තෙදී  කෙරෙන හැටියට  දෙපාර්ශවය විසින් එහි  බංගලාවක්  සාදවා  දෙන  ලෙසටද  නියමකර ගතිමු.

මෙම පොරොන්දු පත්‍රයේ බුද්ධ පක්ෂය  වෙනුවෙන් කුරුකුලසුරිය  කොරනේලිස්  ප්‍රේරා  මහත්මයාද,  ක්‍රිස්තියානු පක්ෂය  වෙනුවෙන්  මත්තෙස්  සුවාරිස් ගුනවර්දන මහත්මයාද අත්සන් කරන ලදී.

1873 ජුලි මස 24 වෙනි දින මීට එකගව දෙපාර්ශවහිම අත්සන් කරන්නට යෙදුනා ඇත

ප්‍රතිචාරයක් ලබාදෙන්න